වතු නිවාසයක නාඳුනන මළ සිරුරක්

Share

මස්කෙලිය, අවරවත්ත ප්‍රදේශයේ වතු නිවාසයක පිටුපස තිබී ඊයේ (26) සවස නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන, උස අඩි 05 අගල් 03ක් පමණවන, සිහින් සිරුරක් සහිත පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News