බුත්තල, පෙරහැර මාවත ප්‍රදේශයේදී ඊයේ (27) උදෑසන ඇළ මාර්ගයක තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
එම පුද්ගලයා අඩි 05යි අඟල් 11ක් පමණ වන සිහින් සිරුරක් ඇති වයස අවුරුදු 70ත් 75ත් අතර පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



