ළිඳකට වැටී පුද්ගලයෙකු මරුට

Share

පොල්පිතිගම, වදුරැස්ස ප්‍රදේශයේදී ඊයේ (27) සවස පුද්ගලයෙකු ළිඳකට වැටී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක වදුරැස්ස, මාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා මන්ද මානසික තත්ත්වයකින් පෙළමින් සිටි අයෙකු බවටත්, දිය නෑම සඳහා තනිවම ළිඳට ගොස් සිටියදී මෙම අනතුරට මුහණ පා ඇති බවටත් විමර්ශනවල දී කරුණු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News