ඉතාලියේ රැකියා පෙන්වා ලක්ෂ 26ක් වංචාකළ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට

Share

ඉතාලියෙහි විදේශ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 26ක් වංචාකළ සැකකරුවෙකු හා සැකකාරියක් ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී යි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 50ක කාන්තාවක්.

මොවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News