ඇලකට වැටී පුද්ගලයෙකු මරුට

Share

තඹුත්තේගම, තෙල්හිරියාව පාසල ඉදිරිපිට ඇති ඇලට වැටී ඊයේ (28) සවස පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක ඔරුගලයාය, තෙල්හිරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා තම පාපැදියෙන් ගමන්කරමින් සිටියදී ඇලට වැටී මියගොස් ඇති බවටයි සැක කරනු ලබන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.

Read more

Local News