ආන්දෝලනාත්මක ඖෂධ ජාවාරමට අදාළ සැකකරුවෙකු වන වෛද්‍ය ඡයනාත් බුත්පිටිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) වරෙන්තු නිකුත් කළා.
ඔහු මේ වනවිට සිටින්නේ විදෙස්ගතවයි.
රතු නිවේදනයක් හරහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහු මෙරටට ගෙන්වා ගන්නා ලෙසයි අධිකරණය නියෝගකර ඇත්තේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අදත් (01) සී.අයි.ඩීයට කැඳවා තිබෙනවා.



