වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නීති විරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය සැකකරුවෙකු ඊයේ (06) බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු බණ්ඩාරවත්ත, බියගම ලිපිනයේ නීති විරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 66ක බියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මෙම සැකකරු වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමක් හෝ වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කිරීමට කිසිදු සුදුසුකමක්වත් නැති පුද්ගලයෙකු බවටයි විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



