දමන, කෙත්සිරිගම මාර්ගයේ සම්බෝධි විහාරය ආසන්නයේ දී ඊයේ (07) රාත්රියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක කීනවත්ත, දමන ප්රදේශයේ පදිංචිකරුවෙක්.
දමන දෙස සිට කෙත්සිරිගම දෙසට ධාවනය යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්රැක්ටර් රථයක දකුණු පස පසුපස රෝදයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.



