අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් කැඳවීම මාර්තු 15න් අවසන්

Share

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු 15 (සිකුරාදා) අවසන් වීමට නියමිතයි. ඒ සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

දෙවැනි අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිතයි. දැනට මිලියන 2කට ආසන්න පිරිසක් අසුවැසුම ප්‍රතිලාභ හිමි කර ගන්නා අතර එම සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ඉහළ නැංවීම දෙවැනි අදියරේ අපේක්ෂාව බව ‌රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News