මහියංගණ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් මීදුමෙන් වැසී යයි

Share

මේ දිනවල පවත්නා වැසි සහිත කාලගුණයත් සමගම මහියංගණ -මහනුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් අද (08) උදෑසන මීදුමෙන් වැසී ගොස් තිබූ අතර මාර්ගයේ ගමන්ගත් වාහන රියැදුරෝ ඉන් දැඩි අපහසුතාවකට පත්වූහ

විශේෂයෙන්ම මහියංගණ – මහනුවර ප්‍රධාන මාර්ගයේ හුන්නස්ගිරිය, උඩුදුම්බර ප්‍රදේශයන්හි මෙන්ම 18 වංගුවේ ස්ථාන කීපයක්ද මෙලෙස මීදුමෙන් වැසී ගොස් තිබිණි.

මෙම තත්වය මත මාර්ගයේ ඇතැම් ස්ථානවල මාර්ගය මීටර් පහ හයක් තරම්වත් ඈතට දිස් නොවූ අතර වාහන වල විදුලි පහන් දැල්විමද ප්‍රමාණවත් නොවූ බව රියැදුරෝ පැවැසූහ.

මේ දිනවල පස්වරු 4.00 ට පමණ ආරම්භ වන මෙම මීදුමෙන් තත්වය දහවල් කාලය වන තුරුම පවතින බවත් විටින් විට හමන සුළං තත්වය හේතුවෙන් මිහිදුම් තත්වය වරින්වර වෙනස් වන බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.

Read more

Local News