හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපල ඡාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ඉදිකිරීම් අරඹයි

Share

වත්මන් රඡයේ තීරණයකට අනුව ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපල ඡාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා නවීකරනය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු අද දින (19) වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ආරම්භ කරන කර තිබෙනවා.

මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාඡකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිකරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය (RAF Minneriya) ලෙසයි හදුන්වා ඇත්තේ.

රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල මගින් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ඡාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පරිවර්ථනය කිරීමට ඡනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් රඡය විසින් තීරණය කරන ලදී.

ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මූලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලදී. මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 ක දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.

මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06ක් තුල නිම කිරීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව එයාර් බස් 320 ,බොයිං B737 යන මාදිලිවල ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකිවේ.

මෙම සමස්ථ සංවර්ධන කටයුතු සදහා රුපියල් බිලියන 17 ක් පමණ වැය වන බවත්, සියළු ඉදිකිරීම් කටයුතු ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර,අධීක්ෂණ කටයුතු ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් සිදු කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

මෙම ගුවන් ධාවන පථයේ පුළුල් කිරීමේ කටයුතු ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර තුළම සිදුකිරීම තුලින් අමතර ඉඩම් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය මග හැරෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකෙන අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී සන්දිස්ථානයක් සනිටුහන් කරයි. හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් ධාවන පථයක් ලෙස සංවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැපවීම සහ දායකත්වය මැනෙවින් පෙන්නුම් කරයි.

ශ්‍රීලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් අංශයේ ගුවන් භටයන්ගෙන් සමන්විත ඉහළ දක්ෂතා සහිත ශ්‍රම බලකායක් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන අතර විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් සුමේධ සිල්වා නිලධාරී තුමන් විසින් සමස්ත ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ අධීක්ෂක ලෙස කටයුතු කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික දක්ෂතාවය සහ කැපවීම ප්‍රදර්ශනය කිරීම මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ගුවන් සේවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රධාන පියවරක් ද සනිටුහන් කරයි.

මෙම ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කරුණු දක්වමින් කියා සිටියේ මෙම ගුවන් තොටුපල නවීකරණය කිරීම තුලින් ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ ඡාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කිරිම බවයි.

මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරිම සදහා රඡය විසින් 2023 වසරේ අයවැයෙන් රුපියල් බිලියන 02 ක් ලබා දී තිබෙන බවත්, ඒ අනුව ඉදිරි සෑම වසරකම හිගුරක්ගොඩ ගුවන් තොටුපලේ ඉදිකිරීම් සදහා අයවැයෙන් මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් කරුනු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අපේ අවසාන ඉලක්කය වී තිබුනේ මත්තල, කටුනායක, රත්මලාන සහ පලාලි ගුවන් තොටුපලවල් මෙන්ම හිගුරක්ගොඩ ගුවන් තොටුපලත් සිවිල් ගුවන් තොටුපලක් ලෙස ක්‍රියාත්මක කිරීම බවයි.

Read more

Local News