දුම්රිය ආසන වෙන් කිරීමට විවෘත කරන වෙලාව සංශෝධනයට පියවර

Share

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ වූ අතර එය සං‍ශෝධනය කරමින් එය උදෑසන 10.00ට ආරම්භ කිරිමට තීරණය කර තිබිණි.

කෙසේවෙතත් පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ තත්ත්වයක් හේතුවෙන් එය පෙර පැවති වේලාවටම සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. එන්. ජේ. ඉදිපොලගේ පවසනවා.

Read more

Local News