තැන තැන සිදුවන මාරක රිය අනතුරු

Share

මාතලේ රත්තොට මාර්ගයේ සින්නකට්ටි කෝවිල අසලින් ඇති අතුරු මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු මාතලේ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 56 ක් වූ කළුදෑවල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එසේම පූමලන්දාන් දෙස සිට මඩු හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ත්‍රීරෝද රථයෙන් මාර්ගයට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මුරුක්කන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 47 ක් වූ සෝදිනගර්, පූමලන්දාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News