රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

කොළඹ පාදුක්ක 125 මාර්ගයේ මහදෙණිය ප්‍රදේශයේදී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරු පැදියක් එක්වරම මාර්ගයට ගැනීමේදී ධාවනය වූ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් එක් යතුරු පැදියක් අසල ඇලකට වැටී ඇති අතර අනතුරින් එක යතුරු පැදිකරුවෙක් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 30ක් වූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News