ප්‍රධාන දුම්රිය මාර්ගයේ, කඩුගන්නාව සහ පිළිමතලාව දුම්රිය ස්ථාන අතර සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් සඳහා හෙට (15) පෙරවරු 10.00 සිට අනිද්දා (16) පෙරවරු 6.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම කාලසීමාවේදී ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.