අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing අතර හමුවක් ඊයේ (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා වන කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.
වෙළඳාම, සංචාරක, තාක්‍ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.