අසපුවකදී හිමිනමක් ඝාතනය කරයි

Share

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුලදී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබෙනවා.

ඝාතනය වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කර තිබුණා.

හිමිනම බැහැ දැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් උන් වහන්සේ ඝාතනය කර ඇති බවට දැක ඒ පිලිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලීසිය විසින් විමර්ශන සිදුකර ඇති අතර එහිදී මියගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ තොරතුරු මේ වනවිටත් අනාවරණය වී නොමැති අතර මෙම ඝාතනය සිදු කලේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

Read more

Local News