හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව පවතින දූෂණ චෝදනා විමර්ශන අවසන් කර ඇති බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. පසුගිය අරගල සමයේ විනාශ වූ මහවැලි අධිකාරියට අයත් ඉඩමක පිහිටි ගොඩනැගිල්ලක් වෙනුවෙන්, නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88කට අධික වන්දි මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම නඩුව පවරා ඇත්තේ.
දැනට ඇප මත පසුවන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, විමර්ශන ගොනු කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බැවින් එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා අධිකරණය විසින් නඩුව ලබන ජූලි මස 10 වනදා දක්වා කල් තබා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



