ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකාර චරිත් අබේසිංහ නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳ ගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද පෙරවරුවේ ඇප නියම කර තිබෙනවා. රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණ ද සැකකාර චරිත් අබේසිංහ නමැත්තා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යලි බන්ධනාගාර භාරයට පත් කෙරුණු බවයි වාර්තා වන්නේ.



