2026 සැප්තැම්බර් ෂැංහායි සහයෝගිතා (SCO) සමුළුව කිරිගිස්ථානයේදී සාර්ථකව අවසන් වුණා. අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 වනදා බිෂ්කෙක් හීදීයි සමුළුව පැවැත්වුණේ. මීට පූර්ණ සාමාජික රටවල් 10යක් සේ ම ඊට අමතරව, සංවාද පාර්ශ්වකරුවන් සහ විශේෂ ආරාධිත රාජ්‍ය නායකයන් රැසක් ද එක්ව සිටියා. විශේෂයෙන් චීන ජනාධිපති ෂි ජින්පි, රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්ථාන අගමැති ෂෙන්බාස් ෂරීෆ් ඒ අතර ප්‍රධානත්වය ගනු ලැබුවා. මෙහිලා විශේෂයෙන් චීන ජනාධිපති ෂි ජින්පි ඉදිරිපත් කළ “ යෝජනා හතර” මේ වනවිට සමස්ත ලෝකයේ ම අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. චීන ජනපති ෂි ජින්පිගේ එම යෝජනා විග්‍රහ කිරීමට ප්‍රථම ෂැංහායි සමුළුව යනු කුමක්ද, එහි ආරම්භය සහ ව්‍යාප්තිය තේරුම් ගත යුතුයි.
ෂැංහායි සමුළුව යනු කුමක්ද?
SCO හෙවත් ෂැංහායි සහයෝගිතා සංවිධානය යනු යුරෝසියානු කලාපයේ (යුරෝපයේ සහ ආසියාවේ) දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතාව උදෙසා 2001 වසරේ පිහිටුවාගත් අන්තර්ජාතික සංවිධානයක්. ඒ අනුව SCO ආරම්භ කරලා අවුරුදු 25ක් වනවා.
මෙහි ආරම්භක සාමාජිකයන් 06දෙනා වූයේ චීනය, රුසියාව, කසකස්ථානය, කිරිගිස්ථානය, කජිගිස්ථානය, උස්බෙකිස්ථානයයි. පසුව ඉන්දියාව සහ පාකිස්ථානය, ඉරානය, බෙලරූස් ද මීට එක්විය. ශ්‍රී ලංකාව ද සංවාද පාර්ශ්වකරුවෙක්.
ඇත්තට ම මෙවන් සංවිධානයක් අවශ්ය වුණේ ඇයි?
1991දී පමණ සෝවියට් සංගමයේ බිඳ වැටීම සිදුවුණා. ඒ සමඟ මධ්යම ආසියානු කලාපයේ දේශපාලන සහ ආරක්ෂිත අවිනිශ්චිතභාවයක් නිර්මාණය වුණා. මේ අවිනිශ්චිතභාවයට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්රණයක අවශ්යතාවක් ඇති වූවා.
ඒ සමඟ චීනය සහ රුසියාව සහ මධ්‍යම ආසියානු රටවල් අතර පැවැති දීර්ඝකාලීන දේශසීමා හිමිකම් සහ ආරක්ෂක ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ අවශ්යතාවක් පැන නැගුණා. ඒ සමඟ ත්‍රස්තවාදය හා අන්තවාදය පාලනය කර ගැනීමට ද අවශ්‍ය වූවා.
ඒ අනුව,
ආරක්ෂාව සහ සහයෝගිතාව,
දේශසීමා සුරක්ෂිතතාව,
ආර්ථික හා වෙළඳ සබඳතාත්, කලාපීය සමගියත් අරඹයා SCO හෙවත් Shanghai Cooperation Organisation ආරම්භ වූ බව අප දැන් දන්නවා.
මෙවර 26වන ෂැංහායි සහයෝගිතා සමුළුවට චීන ජනාධිපති ෂි ජින්පින් කළ කතාව අද වනවිට සියලු ජාත්යන්තර මාධ්‍යවල අවධානයට ලක්ව තිබෙනවා. සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා කළ පළමු යෝජනාව වූයේ,
01. සංවර්ධනයට මුල්තැන දෙමින් ෂැංහායි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් වෙනුවෙන් පොදු
සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කළ යුතු බවයි.
එසේම ජනාධිපතිවරයාගේ දෙවැනි යෝජනාව වූයේ,
02. ආරක්ෂාවට ද ප්‍රමුඛතාවයක් ලබා දෙමින් සියලු සාමාජික රටවල ආරක්ෂාව තහවුරු වන පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි.
තුන්වැනි යෝජනාව වූයේ,
03. අන්‍යෝන්‍ය හුවමාරු කිරීම් මගින් වඩාත් අන්‍යෝන්‍ය බැඳීම් සහිත මිත්‍රත්වයක් ගොඩනගමු යන්නයි.
04. කලාපීය කටයුතුවලදී සාමාජිකයන් අතර, සංවාද සහ උපදේශන මගින් සාධාරණ සහ ක්‍රමානුකූල බවක් නිර්මාණය කර ගනිමු යන්න හතරවන යෝජනාව වුණා.
මේ යෝජනා 04 තුළ චීන ජනාධිපති ෂි ජින්පින් අවධාරණය කළේ ෂැංහායි සංවිධානයේ ජීවගුණය හෙවත් Shanghai Spirit එක පවත්වා ගැනීම අපගේ ප්‍රමුඛ කාර්ය විය යුතු බවයි.
චීන ජනාධිපති ෂි ජින්පින්ගේ මෙම යෝජනා දෙස වඩාත් ගැඹුරින් විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ම අද ජාත්‍යන්තර ආරවුල් විසඳීමේදී අත්තනෝමතික සම්බාධක හා බාහිර අතපෙවීම් ලෝකය තුළ නිරන්තරයෙන් අසන්නට හා දක්නට ලැබෙනවා. එහිලා එක්සත් ජාතීන්ගේ නායකත්වය සහ නීතියේ ආධිපත්‍ය යළි සමාලෝචනය කළ යුතු බව පරම සත්‍යක්. විශේෂයෙන් බටහිර රටවල් කේන්ද්රකරගත් ඒකධ්‍රැවීය බලය වඩාත් නම්‍යශීලී බහුධ්‍රැවීය (Multipolar) ගෝලීය පාලනයක් දක්වා ගමන් කළ යුතුමයි. ෂි ජින්පින් චීන ජනාධිපතිවරයාගේ ගෝලීය පාලන පද්ධතියක් පිළිබඳ සංකල්පය නිර්මාණයෙහිලා මෙම නව යෝජනා අපූරු මුල පිරීමක් වන බව අවිවාදාත්මකයි. විශේෂයෙන් මේ යෝජනා හතර “ ගෝලීය දකුණ” Global South නියෝජනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශය වැදගත් ගෝලීය දකුණ නියෝජනය කරන රටවල සංවර්ධනය සහ නැගී සිටීම වෙනුවෙන් උපායමාර්ගික ව මෙම යෝජනා වැදගත්. මන්ද මේ තුළ ගෝලිය දකුණේ රටවල ස්වෛරීභාවය, ආර්ථික නිදහස ඇතුළත් වන නිසයි. එනම් විශාල හෝ කුඩා රටවල් ලෙස නොව ස්වෛරී රාජ්‍යයන් ලෙස සමාන තීරණ ගැනීමේ අයිතිය සේ ම හඬක් නැගීම සඳහාවන බලය ද හිමිවන පාලන ක්‍රමයක් මේ යෝජනා සමඟ බලගැන්වෙන නිසයි.
සැබෑවට ම සංවර්ධනය වෙමින් පවතින රටවල ප්රධාන ගැටලු වනුයේ තාක්ෂණික පරතරය, ණයබර,බලශක්ති සහ ආහාර අර්බුදයි. ෂි ජින්පින් ජනාධිපතිවරයාගේ මෙම යෝජනා හතර තුළ ගෝලීය දකුණේ රටවලට ඉහළ ධනාත්මක සහයක් ලැබෙන බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන් සංවර්ධිත රටවල තාක්ෂණික ඒකාධිකාරය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් දිනපතා ලෝකය තුළ මුල්ලකට තල්ලුවෙමින් තිබෙනවා. ෂි ජින්පින් ජනපතිගේ මෙම යෝජනා තුළින් නැගී එන දියුණුවන රටවලට ද සමාන තාක්ෂණික අයිතියක් ලබා දීමට යෝජනා වෙනවා. මේ නිසා අනාගතයේ ගෝලීය දකුණේ නියෝජනය විශේෂයෙන් ජාත්‍යන්තර වේදිකාවල ඉහළ යනු ඇති. මේ අනුව ලතින් අමෙරිකාව, අප්‍රිකාව ආසියාවේ ජපානය සහ දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි දියුණු රටවල හැර ඕෂනියා කලාපයේ සංවර්ධනය වෙමින් පවතින හෝ අඩු ආදායම් ලබන රටවලට ද චීන ජනාධිපති ෂි ජින්පින්ගේ ෂැංහායි යෝජනා “ අලුත් ඉරක්” ලෙස අර්ථ දැක්විය හැකියි. මේ සමඟ හුදෙක් ගෝලීය දකුණ යනු ආධාර මත යැපෙන කලාපයක් පමණක් නොව, ගෝලීය ආර්ථිකය සහ දේශපාලනය මෙහෙයවන ප්රධාන බලවේගයක් බවට පත්වනු නොඅනුමානයි.
සැබෑවට ම චීන ජනාධිපතිවරයා ෂැංහායි සහයෝගිතා සංවිධානයේ SCO සමුළුවට ඉදිරිපත් කළ Four – Point Proposal නිසා හුදෙක් කලාපයකට නොව සමස්ත ලෝකයට ම හිමිවන ප්‍රධාන ප්‍රතිලාභය ගැන අවසන් වශයෙන්
මෙසේ සඳහන් කළ හැකියි.
එනම් රාජ්‍යයන් අතර සබඳතා ශක්තිමත් වීම හෙවත් පවතින ගැටලු සාකච්ඡා මගින් විසඳා ගැනීමට විශාල නැඹුරුවක් මෙමගින් යෝජනා වී තිබේ. අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සාමය යනු ලෝකය භයානක යුද්ධවලින් තොරවනු දැකීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කරගත හැකි පළමු පියවර වනු ඇත.
ජාත්‍යන්තර බල තුලනය වෙනස් වනවිට ගෝලීය අභියෝග දිනෙන් දින වැඩිවන බව සත්‍යයක්. එහිලා විවිධ ප්‍රවණතා ඇති වීම කාටවත් වළක්වන්නට බැහැ. කළ යුත්තේ ම බහුපාර්ශ්විකත්වය තුළ මුළු ලෝකය ම තනියායක් බවට පත් කර ගැනීමයි. එහිලා චීන ජනාධිපති හුදු සිහින දකින්නෙකු හෝ කතා සාප්පුවක් නොව ප්‍රායෝගික ලෝක දැක්මක් ඇති නායකයා බව ඔහුගේ හැසිරීම, ක්‍රියාමාර්ග ලෝකයට කියා දෙමින් සිටී.




