චීන භාණ්ඩ ප්‍රවාහන සහ මිලදී ගැනීමේ සම්මේලනය ඊයේ (11) සැප්තැම්බර් මාසයේ චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සෞභාග්‍යතා දර්ශකය නිකුත් කළේ ය.
සැප්තැම්බර් මාසයේදී චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සෞභාග්‍යතා දර්ශකය 51.5%ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර මාසයට සාපේක්ෂව 0.6%කින් ඉහළ ගොස් තිබේ. එම දර්ශකය අඛණ්ඩව මාස පහක් පුරා වර්ධන ප්‍රවණතාවක පැවතීම ද විශේෂත්වයකි. නව ඇණවුම් දර්ශකය 51.2%ක් වූ අතර, එය පෙර මාසයට සාපේක්ෂව 0.4%කින් ඉහළ ගොස් තිබේ. එම දර්ශකය ද අඛණ්ඩව මාස හතක් පුරා ඉහළ යමින් පවතී.
චීනයේ නැගෙනහිර, මධ්‍යම සහ බටහිර කලාපවල ව්‍යාපාරික පරිමාව පිළිබඳ දර්ශක සියල්ලම ඉහළ ගොස් ඇති අතර, ඒවා පිළිවෙළින් 51.3%, 51.2% සහ 51.7%ක් ලෙස වාර්තා විය.




