බොට්ස්වානා සබඳතා විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයක් දක්වා ඉහළට

Share

චීන ජනාධිපති ෂී ජින්පිං බොට්ස්වානා රාජ්‍යයේ ජනාධිපති Duma Boko සමඟ සාකච්ඡාවක් පවත්වයි. එය ඊයේ (13) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදු විය. රාජ්‍ය සංචාරයක් සඳහා Duma Boko චීනයට පැමිණ සිටී.
චීන-බොට්ස්වානා ද්විපාර්ශ්වික සබඳතා විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය දක්වා වර්ධනය කරන බව දෙරටේ ජනපතිවරුන් එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.
පසුගිය ශතවර්ෂයේ 7 වන දශකයේ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට පෙර, බොට්ස්වානා රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන මහජන සමූහාණ්ඩුවේ නීත්‍යනුකූල ආසනය යළි හිමි කර ගැනීමට සහාය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළේය. අද වන විට, දෙපාර්ශ්වයම නවීකරණ මාවතේ අත්වැල් බැඳගෙන ඉදිරියට යමින්, චීනය සහ බොට්ස්වානා අතර මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් සිටින බව ෂී ජින්පිං එම සාකච්ඡාවේදී පැවසීය.
ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය වැනි ක්ෂේත්‍රවල බොට්ස්වානා සමඟ සහයෝගීතාව ශක්තිමත් කොට බොට්ස්වානා රාජ්‍යයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට උපකාර කිරීම සඳහා “ස්මාර්ට් අධ්‍යාපන” ව්‍යාපෘතිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං අවධාරණය කළේය

Read more

Local News