XIV ලියෝ පාප්වහන්සේ හට පෙනහළු පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති නමුත්, දකුණු පෙනහල්ලේ පහළ කොටස ඉවත් කිරීමේ ශල්යකර්මය සාර්ථකව සිදු කළ බව වතිකානය නිවේදනය කරයි. 71 හැවිරිදි උන්වහන්සේ රෝමයේ Gemelli රෝහලේදී විනාඩි 90ක ශල්යකර්මයකට භාජනය කර තිබේ. ඉන් අනතුරුව උන්වහන්සේට පෙනහළු ඇඩිනොකාර්සිනෝමා (lung adenocarcinoma) නම් පිළිකාවක් වැළඳී ඇති බව හඳුනාගෙන ඇත.
“ශල්යකර්මය සාර්ථක වූ අතර කිසිදු සංකූලතාවක් ඇති නොවීය” යනුවෙන් වතිකානය ප්රකාශ කර තිබේ. පාප් වහන්සේ තවත් සතියක පමණ කාලයක් රෝහල්ගතව සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශල්යකර්මයට පෙර පාප් වහන්ස්සේ වෙනුවෙන් පැය ගණනාවක් රෝහලෙන් පිටත රැඳී සිටි විශාල පිරිසක් උන්වහන්සේට සුබ පැතුම් එක් කර තිබේ.



