කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

Share

චීන අග්‍රාමාත්‍ය Li Qiang ඊයේ (14) පස්වරුවේ චීනයේ Guangdong පළාතේ Guangzhou නගරයේ පැවති චීනයේ ආනයන හා අපනයන ප්‍රදර්ශනය, නොහොත් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වී ප්‍රධාන දේශනයක් පැවැත්වීය.
මෙම වසර කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ 70 වන සංවත්සරය සනිටුහන් කරන බව Li Qiang ප්‍රකාශ කළේය. චීන ජනාධිපති ෂී ජින්පිං සුබ පැතුම් ලිපියක් යොමු කරමින්, කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය අත්කරගෙන ඇති ජයග්‍රහණ අගය කළ අතර, ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම සඳහා චීනය සතු ස්ථිර අධිෂ්ඨානය නැවත අවධාරණය කළේය.
චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම අඛණ්ඩව සිදු කරන බව Li Qiang එහිදී අවධාරණය කළේය. මේ අනුව, පළමුවැන්න නම්, තවත් වෙළඳපල අවස්ථා බෙදාහදා ගැනීමයි. චීනය තුළ ආයෝජනය කිරීමට සහ ව්‍යාපාර කටයුතු කිරීමට තවත් විදේශීය ව්‍යවසායන් පැමිණීම චීනය විසින් සාදරයෙන් පිළිගන්නා බව ඔහු පැවසීය. දෙවැන්න වන්නේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීමයි. Li Qiang අවධාරණය කළ තුන්වන කරුණ වන්නේ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ ක්‍රමවේදය චීනය ස්ථිරවම ආරක්ෂා කිරීමය.
ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala එහිදී වීඩියෝ දේශනයක් පැවැත්වූවාය. චීනය සිය සංවර්ධනය තුළ අතිවිශාල ජයග්‍රහණ අත්කරගෙන ඇති අතර, ඒ තුළින් ලෝකයට අවස්ථා ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
90කට ආසන්න රටවල් සහ කලාපවලින් පැමිණි විවිධ ක්‍ෂේත්‍රයන්හි නියෝජිතයින් 700කට අධික පිරිසක් සමාරම්භක උත්සවයට සහභාගී වූහ.
මෙවර කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සඳහා 30,000කට වැඩි ව්‍යවසායන් සහභාගී වන අතර, විදේශීය ගැනුම්කරුවන් 340,000ක් පමණ ඊට එක්ව සිටිති.

Read more

Local News