චීන – රුසියා විදේශ අමාත්‍යවරු අතර හමුවක්

Share

අසර්බයිජානයේ Baku හි පැවති ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග(CICA) පිළිබඳ 7වැනි නායක සමුළුවට සමගාමීව, චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (14) රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov හමුවිය.
චීනය, රුසියාව ඇතුළු සියලු CICAහි සාමාජික රටවල් සමග එක්ව, සමීප සම්බන්ධිකරණය ඔස්සේ සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කර ගෝලීය පාලනය යහපත් කිරීම සඳහා කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව වං යී මහතා පැවසීය. එළඹෙන නොවැම්බර් මාසයේ APEC සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීම චීනයේ Shenzhen නගරයේදී පැවැත්වීමට නියමිතය. රුසියාව ඇතුළු ඒ ඒ පාර්ශ්වයන්ගේ අනුබලය යටතේ, එය සරු ප්‍රතිඵල අත්පත් කර ගනු ඇතැයි හෙතෙම විශ්වාස පළ කළේය. 
APEC සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීම පැවැත්වීමට රුසියාව චීනයට පූර්ණ සහයෝගය ලබා දෙන බව රුසියානු විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, G20 කණ්ඩායම, APEC සංවිධානය හා බ්‍රික්ස් යාන්ත්‍රණය යන බහුපාර්ශ්වික රාමුව යටතේ, චීනය සමග එක්ව, ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය පොදුවේ සහතික කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව ද ඔහු පවසා ඇත. 

Read more

Local News