වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාරය විෂ වීම හේතුවෙන් ළමුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
එම උදෑසන ආහාරය අනුභව කිරීමෙන් පසු ඇති වූ වමනය, ක්ලාන්තය සහ පපුවේ වේදනාව හේතුවෙන් මෙම ළමුන් පිරිස රෝහල්ගත කර ඇති බව වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේය.
උදෑසන ආහාරය සඳහා බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් ලබා දී ඇත.
එම පාසලේ 3 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ළමුන් මෙලෙස රෝගාතුර වී ඇති අතර, රෝහල්ගත කළ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද දිස්ත්‍රික් වෛද්‍යවරයා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



