APEC සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන් රැසක් චීන ජනපති හමුවෙයි

Share

APEC ආර්ථික නායක සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණ සිටින රාජ්‍ය නායකයන් රැසක් චීන ජනාධිපති ෂී ජින්පිං හමු වී ඇත.
කැනේඩියානු අගමැතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාව Shenzhen නගරයේදී පැවැත්විණ. චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ, චීන-කැනඩා නව ආකාරයේ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා කැනඩාව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවය.
පැපුවානිව්ගිනියා අගමැති James Marape හමුවූ අවස්ථාවේ ෂී ජින්පිං මහතා පැවසුවේ, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ගත වූ වසර 50 තුළ චීනය සැමවිටම පැපුවා නිව්ගිනියා රාජ්‍යය සිය විශ්වාසදායක මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස සලකන බවයි.
වියට්නාම් ජනාධිපති To Lam සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර හමුවක් ද පැවැත්විණ. සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය මධ්‍යයේ, චීනය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම To Lam එම හමු‍වේදී අවධාරණය කළේය. මෙක්සිකානු ජනාධිපති Claudia Sheinbaum Pardo හමුවෙමින් චීන ජනපති පැවසුවේ, චීනය සැමවිටම මෙක්සිකෝව සමග ඇති සබඳතා දෙස දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් බලන බවයි.
චීන මාදිලි‍යේ නවීකරණය තුළින් උදාවන අවස්ථාවන් පේරු රාජ්‍යය සමඟ බෙදා ගැනීමට චීනය සූදානම් බව, පේරු ජනාධිපති Keiko Fujimori හමුවූ අවස්ථාවේ චීන ජනපති අවධාරණය කළේය.
එමෙන්ම චිලී ජනරජයේ ජනාධිපති José Antonio Kast ද චීන ජනපති හමු වී සාකච්ඡා පවත්වා ඇත. ජාත්‍යන්තර තත්ත්වය කෙතරම් වෙනස් වවුද, චීන-චිලී සබඳතාව දිගුකාලීනව යහපත් සහ ස්ථාවර ලෙස වර්ධනය වන බව ෂී ජින්පිං එම හමුවේදී පෙන්වා දුන්නේය.

Read more

Local News