චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වෙයි. අද (18) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ Qianhai ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ එම සමාරම්භක උත්සවයේදී ෂී ජින්පිං ජනාධිපතිවරයා දේශනයක් ද සිදු කළේය. ‘ආසියා ශාන්තිකර කලාපයේ පැහැබර අනාගතයක් උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කරමු’ යන්න එහි ප්‍රධාන තේමාවයි.
ආර්ථික ගෝලීයකරණ රැල්ලත් සමගම APEC සංවිධානය බිහි වූ බවත්, එය ආසියා-පැසිෆික් කලාපය වර්තමාන යුගයේ පෙරමුණටම ගෙන ඒමට දායක වූ බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. විවිධ පාර්ශ්වයන් සමග එක්ව, ආසියා ශාන්තිකර කලාපයේ පැහැබර අනාගතයක් උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කරමින්, පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගා ආසියා-පැසිෆික් කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං සඳහන් කළේය.
ඒ වෙනුවෙන්, සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ තත්ත්වය සුරක්ෂිත කිරීමත් විවෘත සහයෝගීතාව සඳහා පාලම් ගොඩනැගීමත් සිදුකළ යුතුය. එමෙන්ම නවෝත්පාදනය මූලික කරගත් වර්ධනය දිරිමත් කළ යුතු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප්‍රතිඵල කරා යන මාර්ග පුළුල් කිරීම ද කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දී ඇත.
Share
Read more



