පුටින් ඇතුළු රටවල් රැසක නායකයන් චීනයට

Share

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් චීනයේ Guangdong පළාතේ Shenzhen නගරය වෙත ළඟා වෙයි. අද(18) අලුයම විශේෂ ගුවන්යානයකින් එහි පැමිණි හෙතෙම Shenzhenහිදී පැවැත්වීමට නියමිත එපෙක් ආර්ථික නායක සමුළුව සඳහා එක්වීමට සූදානමින් සිටී. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජික Cai Qi පුටින් පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.
මේ අතර, එපෙක් ආර්ථික නායක සමුළුව සඳහා එක්වීමට බෲනායි සුල්තාන් Hassanal Bolkiah සහ දකුණු කොරියානු ජනාධිපති Lee Jae-myung යන අයද අද(18) අලුයම Shenzhen නගරය වෙත ළඟා වූහ. එමෙන්ම, මැලේසියාවේ අග්‍රාමාත්‍ය Anwar Ibrahim ද එපෙක් ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව සහ එපෙක් ආර්ථික නායක සමුළුව සඳහා එක්වීමට අද Shenzhen නගරය වෙත පැමිණියේය.
ආසියා-පැසිෆික් කලාපීය නායකයන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ඇමරිකානු ජනාධිපති Trump ද චීනයේ Shenzhen නගරයට පැමිණීමට නියමිතය.

Read more

Local News