දෙමටගොඩදී ගජ මුතු බවට සැක කෙරෙන ඇත්දල කොටස් 04 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තවද ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 04 යි මිලිග්රෑම් 760 ක් ද සොයාගත් බව පොලිසිය පැවසීය.
බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු දෙමටගොඩ ප්රදේශයේම පදිංචි 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.