අද (27) අළුයම 3ට පමණ මාරවිල පොලිස් වසමේ පෑළියගොඩ – පුත්තලම මාර්ගයේ කොස්වාඩිය ප්රදේශයේදි අනතුරක් සිදුවි අැත.
හලාවත දෙස සිට පෑළියගොඩ දෙසට ධාවනය කළ පුද්ගලික බස් රථයක් හා ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටි මෙම අනතුර සිදුවි තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබු කැබ් රථයේ රියදුරු මාරවිල රෝහලට අැතුලත් කිරිමෙන් පසු මියගොස් අැති බවයි පොලිසිය පැවසූවේ.
මෙසේ මියගොස් අැත්තේ වයස අවුරුදු 23ක් පමණ අයෙකි.
මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අැත.
පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරිමට නියමිතයි.
අනතුර සමිබන්ධයෙන් පුද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.