Home දේශීය පුවත් වැසි තත්ත්වයේ වර්ධනයක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

වැසි තත්ත්වයේ වර්ධනයක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

0
වැසි තත්ත්වයේ වර්ධනයක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැක.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here