සෞදිය ඕනෑම දේකට සූදාානමි – ට්‍රම්ප්ගේ තර්ජනයට පිළිතුරක්

Share

මාධ්‍යවේදි ජමාල් කශෝෂි අතුරුදන්විමේ සිද්ධිය පාදක කර ගනිම්න් එල්ල වන ඕනෑම දේශපාලන සහ අාර්ථික තර්ජනයකට මුහුණදිමට තම රට සුදානම් බව සෞදි අරාබි රජය පවසා තිබේ.

නම හෙළි නොකළ එරට රජයේ ජේෂ්ඨ ප්‍රකාෂකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාෂ කර තිබුණේ එවැනි ඕනෑම තර්ජනයකට ප්‍රතිචාර දැක්විමට ද තම රට සුදානම් බවයි.

සෞදි අරාබියෙන් මෙම ස්ථාවරය ප්‍රකාශ වුනේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමිප් සෞදියට අනතුරු අැඟවිමක් සිදුකර තිබියදි විම විශේෂත්වයකි.

ට්‍රම්ප් පවසා තිබුණේ අතුරුදන් වු මාධ්‍යවේදියා සෞදි අරාබිය විසින් ඝාතනය කර අැත්නම් ඊට වන්දි ගෙවිමට සිදුවන බවයි.

මේ අතර මාධ්‍යවේදි ජමාල් කශෝෂිගේ අතුරුදන් විම හේතු කරගනිම්න් සෞදි  අරාබියේ පැවැත්විමට නියම්ත  අායෝජන සමුළුවෙන් ඉවත් විමට මාධ්‍යවේදින් ව්‍යාපාරිකයන් අැතුළු බොහෝ පිරිසක් තීරණය කර තිබේ.

තුර්කියෙන් ලැබෙන වාර්තා ඉතාමත් කනගාටුදායක බවත් තමන් සෞදි සමුළුවට සහභාගි නොවන බවත් ඔවුන් ටිවිටර් පණිවුඩ මගින් දන්වා අැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෞදි අරාබි මාධ්‍යවේදි ජමාල් කශෝෂි තුර්කියේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය තුලදි ඝාතනය කර අැති බව තුර්කි බුද්ධි අංශ චෝදනා කර තිබේ.

අමෙරිකාවට වි සිය මාධ්‍ය කටයුතු සිදුකරමින් සිටි ජමාල් කශෝෂි ලිපි කිහිපයක් ලබා ගැනිමට, තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලය තුලට යාමෙන් අනතුරුව අතුරුදන් වි තිබුණේ පසුගිය දෙවනදාය.

Read more

Local News