සරත් කුමාරගේ නඩුව දෙසැම්බර් 12

Share

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩුව දෙසැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ ඉකුත් ජනාධිපතිවරණය සමයේ මිගමුව කලපුව සංවර්ධනය ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ලද චෝදනා යටතේය.

එම නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැදවනු ලැබිය.

Read more

Local News