පසුගිය 11 වන දා සිට අතුරුදන්ව ඇති දනුජ පුතා බහුදින ධීවර යාත්‍රාව සෙවීම සඳහා නාවික හමුදාවේ සමුදුර නෞකාව පිටත් කර යවා තිබේ.
ඉකුත් සැප්තැම්බර් මස 25 වන දා ගාල්ල වරායෙන් මුහුදු ගිය අදාළ යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙකු ගමන් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය භාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේය.
එය ත්‍රිකුණාමලයට නුදුරින් ජාත්‍යන්තර මුහුදේ පවතින බවට අනුමාන කරන බව ද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.



