ආණ්ඩුව ඉල්ලන් කෑවා මරික්කාර් කියයි

Share

එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීන්ගේ අදහස්වලට සවන් නොදීමෙන් ආණ්ඩුව ඉල්ලන් කාගෙන, අනාගත්තේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රිවරයා මේ බව පැවසූවේ සිරිකොතදී අද (18) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තවද වසර 03ක කාලයක් තුළ ආණ්ඩුව මගින් සිදුකළ සංවර්ධනය ‘මාර්කට්’ නොකිරීම හේතුවෙන් මේ වන විට හොරුන් වීරයන් බවට පත්වී, වීරයන් හොරුන් බවට පත්ව ඇති බවත්, විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබුණේ ආණ්ඩුව ස්ථාපිත කළ මුල් කාලයේ වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Read more

Local News