එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් අද (18) දිනයේදි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කර තිබේ.
ඒ ලංකා බැංකුව, මහජන බැංකුව හා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ගත් තීරණය පිළිබඳව සාකච්ඡා කිරිමටයි.