ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (23) සිව්වන දිනටත් සී.අයි.ඩී.යට පැමිණ තිබේ.
මේ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන අය අතර සිදුවූ බව කියන දුරකතන සංවාදවල හඬපට 123 ක් ඔවුන්ගේ කටහඩ සාම්පල සමඟ ගැලපෙන බවට අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කැදවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ රස පරීක්ෂක වාර්තාවෙන් ඒ බව තහවුරු වී ඇති බවයි.