ජනපති තාමත් පරක්කු නෑ වෙනස්වෙන්න පුලුවන් රාජිත කියයි

Share

”අපිට අාරංච් වුනා පාර්ලිමේන්තුව කල් තැබුනා කියලා. අැයි එහෙම පාර්ලිමේන්තුව කල් දාන්නේ.  මේ සේරම ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණ. අපි එදා මරණයටත් අභියෝග කරලා අාවේ ජනපතිව ජයග්‍රහණය කරවන්න. මම එදා රනිල් මැතිතුමාට පොරොන්දුවක් වුනා. පොදු අපේක්ෂකයාව ගෙනැල්ලා දිනවනවා කියලා. අපි අාවේ තිබුන අැමතිකමි දාලා. ඒ ඔක්කොම දාලා අාවේ වෙනසක් අැති කරන්න. අපි දැක්කා තරුණ පරපුර වෙනස්වෙනවා. අපි අාවේ විශාල බලාපොරොත්තු තියාගෙන. අපි බලාපොරොත්තු වුනා මිනිමැරුමි වංචා දුෂණ හොයලා යහපත් පාලනයක් අැති කරයි කියලා. තමන්ව මරන්න පස් සැරයක් තැත් කරයි කියන පුද්ගලයා සියලු වරප්‍රසාද ලබා දීලා. මෙහෙම කරන්න එපා.  ඔබතුමා නම කෙළෙසගන්න එපා. නමක් හදාගන්න හරි අමාරුයි. මම තාමත් කියනවා එතුමා තාමත් පරක්කු නෑ. ඔබ මා පටන් ගත් සටන අවසන් නැත. පාවා දෙන්න එපා” දාෙස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ අරලියගහමන්දිරේ මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින්ය.

Read more

Local News