Home දේශීය පුවත් ජනාධිපති කියන කතා පුංචි ළමයෙක්වත් විශ්වාස කරන්නෑ – රනිල්

ජනාධිපති කියන කතා පුංචි ළමයෙක්වත් විශ්වාස කරන්නෑ – රනිල්

0
ජනාධිපති කියන කතා පුංචි ළමයෙක්වත් විශ්වාස කරන්නෑ – රනිල්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබිය එම ප්‍රකාශය පහතින්,

“අපේ ආණ්ඩුව කටයුතු කළේ ජාතික ආණ්ඩුවක් ලෙසයි. ජනතාවට අහිමි වී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු ක්‍රියාත්මක කිරිමට අප කටයුතු කළා. සැම දෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කළා. යහපාලන ආණ්ඩුව යටතේ ජනතාවට සහන දුන්නා. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිගේ බලතල සීමා වුණා.  ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව අගමැති ලෙස පත්කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුකර විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රිවරයායි.

දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය හා තමාව ඝාතනය කිරීමේ කරුණු හෙළිවිම නිසා තමාට තිබුණ එකම විකල්පය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම ලෙස නම් කිරිම එකම විකල්පය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීම ගැන මම කනගාටුවෙනවා. තමන් කළ වැරදි වැඩේ වහගන්න දැන් පුංචි ළමයෙක්වත් විශ්වාස නොකරන කතන්දර කියවනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here