කරූ පක්ෂ නායකයින් කැඳවයි

Share

කථානායක කරු ජයසූරිය මහතා විසින් අද පෙරවරු 11.00ට පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග දේශපාලන පක්ෂ කිහිපයක් විසින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කළ ඉල්ලීමට අනුව කථානායකවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සඳහන්ය.

වර්තමානයේ ඇති වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුකරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

Read more

Local News