ගූගල් සෙවුම් යන්ත්‍රයේ තවමත් අගමැති ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. ඔහු සිය ෆේස් බුක් පිටුවට අදහස් දක්වමින් මේ බව සඳහන් කර කර තිබේ.
“මේ කාලේ ලොකුම ප්‍රශ්ණයක් ලංකාවේ අගමැති කවුද කියලා. මෙහෙම ප්‍රශ්ණයක් ආවම මම ගූගල් සර්ච් කරලා තමයි අහන්නේ. අපි බලමු ගූගල් සර්ච්වලින් අහලා. අපි දන්නේ නෑ ඒක. තාම ලෝක ප්‍රජාව පිළිගන්නේ නැත්ද දන්නේ නෑ. මෙකේ කියන්නේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහතාටත් කඩේ යනවා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලකම් හැට හුට හමාරක් තිබෙනවා. ගැටලු හැට හුට හමාරක් තිබෙනවා. ඔහුගේ අතින් වැරදි වුණත් මේක නෙමෙයි ක්‍රමය. රනිල් වික්‍රමසිංහ මහතා එක්ක තරහක් තිබුණානම් සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට අගමැතිකම දෙන්න තිබුණා. ”



