ලංකාව ගැන ඕස්ට්‍රේලියාවත් අවධානයෙන්

Share

ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන අර්බුදකාරි තත්ත්වය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුකූලව විසඳා ගතයුතු බව ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කර අැත.

එමෙන්ම ඔස්ට්‍රේලියාව මෙරට දේශපාලනය පිළිබඳව දැඩ් විමසිල්ලෙන් පසුවන බවත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයක්ම ලංකා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්තට ගරු කරමින් වැඩ කළයුතු බවද ඔස්ට්‍රේලියා විදේශ කටයුතු අමාත්‍ය මැරිස් පේනේ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ලැබිය.

ඇතිවී තිබෙන වෙනස සාමකාමීව විසඳා ගන්නා ලෙසත් ගැටුම් වලින් වළකින ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

Read more

Local News