තමන් පත්කළ ජනපතිවරයාට තවත් වසරක කාලයක් ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් ඔහුට සුබ පතන බවත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති තනතුරට පත්වන්නේ නම් තමන් ජනපති පුටුවේ පැයක්වත් නොසිටින බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අද (01) අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව පැවසීය.
මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසුවේ ” ජනපති යනවනම් අපි සුබ පතනවා. අගමැති රනිල් බව ස්ථිරයි. පාර්ලිමේන්තු ඡන්දයකින් අනුප්‍රාප්තිකයෙක් තෝරා ගැනීම තමයි කරන්න වෙන්නේ. ජනපතිතුමාට තව අවුරුද්දක කාලයක් තිබෙනවා. ජනපතිට පාර්ලිමෙන්තුව විසුරවිමේ බලයක් නෑ.”යනුවෙනි.