ගෝඨා සහ බිරිය අනතුරක

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ගමන් කරමින් තිබු ජීප් රථය අද (07) උදෑසන අනතුරට ලක්වී තිබේ.

හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී මෙම අනතුරෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා ඇතැයි හක්මන පොලීසිය පවසයි.

එම අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂ මහත්මියට කිසිදු හානියක් සිදු වී නොමැත.

අත් ට්‍රැක්ටරයේ හැපීමෙන් පසු ඔවුන් ගමන් කළ ජීප් රථය පාරෙන් ඉවතට පැන ඒ අසල කොට්ටම්බා ගසක හැපී නැවතී තිබෙන බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබු ට්‍රැක්ටර් රියදුරා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රජයේ රෝහල වෙත ඇතුලත් කර සිටී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිද කොළඹ සිට මැදමුලන නිවසේ පැවැත්වෙන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ දානමය පිංකමට සහභාගී වීම සදහා යන අතරතුරදී මෙම අනතුරට තිබෙන බව කියයි.මුහුණ පා

අනතුර සිදු වීමෙන් පසු ගොඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය වෙනත් වාහනයක් ගෙන්වා ගෙන මැදමුලන බලා පිටත්ව ගොස් තිබේ.

මෙම අනතුරට සම්බන්ධ ජීප් රථය හා අත් ට්‍රැක්ටරය වැඩි දුර පරීක්ෂණ සදහා පොලීසිය භාරයට ගෙන ඇත.

තවද ජීප් රථය පැදවු රියදුරු සැක පිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read more

Local News