හිටපු අගමැති පිරිසට එරෙහිව පැමිණිල්ලක්

Share

අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය විසින් හිටපු අගමැති සහ අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට පවසා තිබේ.

ඒ  පොදු දේපල අවභාවිතා කරමින් සිටින බවට චෝදනා එල්ල කරමිනි.

ඒ අනුව අද (08) දින පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරිමට නියම්ත බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර අදට දින 13කට ආසන්න සංඛ්‍යාවක් ගතවී ඇතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දීරයේ රැදී සිටිමින් පොදු දේපල සාවද්‍ය පරිහරණයක යෙදී සිටින බවයි.

Read more

Local News