ඉංගිරිය, ගඟබඩ ප්රදේශයේ ගලා යන දොළ පාරක පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බවට වාර්තා වෙයි.
අද(13) උදෑසන දොළ පාර අසලින් ගමන් කළ පුද්ගලයෙක් අදාළ මළ සිරුර දැක ඇති අතර පසුව එම පුද්ගලයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය දැනුවත් කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගඟබඩ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදෙරු පියෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




                                    