අද(19) දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව වාර්තා වෙයි.
සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා විදෙස් තානාපතිවරුන් මෙන්ම සෙසු පිරිස් වෙත විවෘත වෙයි. නමුත් අද දිනයේ දී එය මෙලෙස සීමා කර තිබේ.
ඒ අනුව අද පාර්ලිමේන්තුව විවෘත වන්නේ මාධ්‍ය සඳහා පමණක් වන බව පාර්ලිමේන්තුවේ නිලධාරීන් පවසයි.