නව අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැටුප් හා දීමනා ගෙවීම අත්හිටුවන ලෙස සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේක්ම්වරයාට බාර දී තිබේ.
එ් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් ඔවුන් පරාජයට පත්වූ නිසාවෙන් බව වාර්තාවේ.
තවද මෙම යෝජනාවෙන් විදේශීය සංචාර, අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව දරණ සියලු වියදම් ගෙවීම් නවත්වන ලෙසත් ඉල්ලිමක් කර අැති අතර මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, රවී කරුණනායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගණේෂන්, ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් අත්සන් කර තිබේ.