Home දේශීය පුවත් වසන්ත අාවොත් සරත් යන බව කියයි

වසන්ත අාවොත් සරත් යන බව කියයි

0
වසන්ත අාවොත් සරත් යන බව කියයි

වසන්ත සේනානයක මහතා යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුවහොත් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

එ් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ගම්පහ ප්‍රදේශයේ පැවති බෝධී පුජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අමාත්‍ය වසන්ත සේනානාක මහතා යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට උත්සහ කළ බවත් සේනානාය වුවත් ඔහු එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය නොව නිසාවෙන් පක්ෂයට යළි බාර නොගත් බව මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම බහුතරයක් නොමැති ආණ්ඩුවත් රට තුළ සිටීම හේතුවෙන් විදේශ රටවලින් ලැබීමට තිබූ සියළු සහනාධාර සහ නය නැවතී  ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර මැතිවැණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සදහා විදිමත් ක්‍රමයක් ඇති බැවින් තනි පුද්ගලයෙකුගෙල් වුවමනා මත එය සිදුකළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා වැඩිදුරට අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here